නිවාඩු පාඩුවේ ගෙදර ඉන්නව කියලත් කොච්චර ඉන්නද අප්පා..ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරලා කට්ටිය සෙට් කර ගත්තට යන්න උනේ නෑ පහුගිය සති වල.මොකෝ ඉතින් මේ සතියේ තමා ලෙඩක් දුකක් නැතිව යහතින් ඉන්නේ ..ඉතින් ඊයේ පොරොන්දු වුන විදිහට උදෙන්ම නැගිටලා :)විනාඩි දහයට ලෑස්ති වෙලා නුවර යන්න යොහාන් කියල බස් එකකට නැග්ගා..අප්පට සිරි යාලුවෙක් ඉන්නවා වංගු දෙක තුනක දුරින් මම බස් එකට නගින කොට මැසේජ් කරන්නම් කිව්වට එක අකුරයි ටයිප් කරන්න වුනේ මේන් බස් එක එයාගේ ගේත් පහු කළා.නමටම ගැලපෙනවා හදිස්සිය,මට මතක් උනේ ජැමයිකාවේ යොහාන් බ්ලේක්.දැන් ඉතින් ඊළඟ එකේ තමා ඔයාට එන්න වෙන්නේ ***.
යන්තම් අට හමාර වෙද්දී හය දෙනෙක් මාළිගාවට එකතු වුනා.පෙරහැරින් පස්සේ යන පළවෙනි ගමනනේ.දළඳා වහන්සේ වැඳ ගන්න එක කෝකටත් හොඳයි..ඒ කටයුතු අහවර කරන් මාළිගාවෙන් සමුගත්ත විනාඩි පහලවකට පස්සේ.දැන් හරි වැඩේ හ්ම් පොඩි අතුරු ගමනක් තිබුන කේ.සී.සී එකේ,මොකෝ ටුවෙන්ටි ටුවෙන්ටි එකේ බුක් කරපු ටිකට් ගන්න ඕනේ.අපෝ ඉතින් කියනව වගේ නෙමේනේ නමයට ඕපන් කිව්වට පැය භාගයක් විතර පරක්කු උනා.ට්‍රින් ට්‍රින්...මෙන්න ගුඩ් ෂෙඩ් ආව කට්ටිය කන්න හදනවා මාව කෝල් කර කර .කිව්ව වෙලාවටම එනවට හොඳ වැඩේ..මෙන්න තවත් හයක් මැච් එකේ නෙමේ කට්ටිය :D දැන් ඔක්කොම දොළහයි.ෂා නියමයි ආහ.
ගම්පොළ යන්න අපි නාවලපිටියේ බස් එකකටයි නැග්ගේ.ගම්පොළ ඒවා යන්නේ පාරවල් නොකැඩෙන්න වගේනේ .අපි නම් ඒ බස් එකේ ගියේ හයර් එකට ගත්ත වගේ.මොකෝ පිටිපස්සෙන් එන බ්‍රෙක්ෆස්ට් පාන් කෑල්ල ඉස්සරහටම පාස් කරනවා.ඩ්‍රයිවර් අංකල්ටත් දුන්නද මන්ද .වතුර බොන්න ගිහින් සමහරු ඇඟ පුරාමත් නා ගන්නවා.පුරුද්දනේ :)ගම්පොළ බෝඩ් එක දැකලා නැගිටලා තව විනාඩි ගානක් හිටගෙන යනවා.හික්ස් :) මම නෙමේ ඕං..
යන්තං ගම්පොළ හෝල්ට් එකෙන් බැහැලා හෙම්මාතගම බස් එකක් අල්ල ගත්තා.අම්බුළුවාවට රුපියල් විසි අටයි."බැංකු වල ඉන්න අයට සල්ලි නැත්තං මහ බැංකුවෙත් සල්ලි නෑ"ඒ මගේ යාළුවෙක්ට,ටිකට් ගන්න පෙලඹවීමේ පොඩි ට්‍රික් එකක්.මොකටද රිස්ක් එකක් ගන්නේ අපි :D
අම්බුළුවාව කන්දේ යන්න ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවෙන්න ආයෙත් රුපියල් විසි පහක් ඕනේ.**මචං ෆිට් එක :)මේ උරුමයේ නිර්මාතෘ දී මු ජයරත්න මහත්තයා කියලයි කටවුට් එක.ජෛව විවිධත්ව සංකීර්ණය පිහිටල තියෙන්නෙත් අම්බුළුවාව කන්දෙයි.මුහුදු මට්ටමේ ඉඳල බැලුවොත් අඩි 3567ක් උසින්.ඉතින් මෙහෙමයි ගමන.
හරිත වන් පරිසරයේ ආස්වාදය උපරිමයෙන්ම විඳගන්න අපි නම් ගියේ මඟ නැවති නැවති..වංගු වල කුඩා කුටි නම් තිබුනට කොහෙද මේ අයියල අක්කල ඒවා බදු අරං නේ..ෆොටෝ එකක් වුනත් ගත්තේ පාරේ ඉඳගෙන.ඒකත් හොඳයි වෙනසකට.විහිලු,තහළු මැද කිලෝ මීටර් දෙකක්ම එන්න ඕනේ අම්බුළුවාවේ අසිරිය විඳින්න..මඟ සහයට පොඩි බලු පැටියෙකුත් ආවානේ.එයාට අපේ කට්ටිය අපේම එකෙක්ගේ නමක් දාලා.නමින් "ටොක්කේ" :D
ඉහත්තාවට එද්දී මෙන්න පෝනියොත් ඉන්නව.අපි කියන බොරු ඇහිලද කොහෙද අපිත් එක්ක එච්චර ඇයි හොඳයියක් තිබුනෙ නෑ..අපි හිතුවේ මුන් පයින් ගහල ආයෙත් කිලෝ මීටර දෙකක් එන්න වෙයි කියල.මොකටද රිස්ක් එකක් ගන්නේ :D
දැන්නම් මාර ගනන් කකුල් දෙකට...ගියා අලුතින් හදපු පොඩි නවාතැනකට.එලියට එද්දියි පිරිත් මණ්ඩපයක් කියල දැක්කේ අපොයි..පොද වැස්සක අනාවැකි මධ්‍යයේ අම්බුළු චයිත්ය නගින්න ඉස්සල්ල පොඩි පොඩි අම්බුළු අනුරූ වල නැඟල බැලුවට මගේ නම් මුළු ඇඟම සීතලයි.බයට නෙමේ අඩි 3567ක් උඩ ඉන්නකොට රස්නයක් තියෙයිද අනේ..ගල් උයන,නැරඹුම් මන්දිරය,කුට්ටම් පොකුණ වගේ ස්ථානත් බලන්න පුළුවන් මෙහෙ ආවොත් ඔයාලට.පින්න වගේ තිබුන නිසා අපේ ඈයෝ ලෙඩ ගොඩවල් නිසාත් දවල්ට කන්නයි මේ වෙලාව වෙන් වුනේ.මෙන්න අර පෝනියෙක් අපි කෑව තැනටත් ආවා.දොළොස් දෙනා කොහේ අතුරුදහන් වුනාද මට හරියට මතක නෑ.මොකටද රිස්ක් එකක් ගන්නේ කියල මට ඕනේ වුනේ ඌත් තියල ෆොටෝ එකක් ගන්න.මරණ තුනක් මැද පැණි කනවා වගේ තමා ඒවෙලාවේ..
කොහොම හරි යාලුවෙක් අරං තිබුන අපි දෙන්නම නොපෙනෙන ෆොටෝ එකක්.කොහෙද අපේ ෆොටෝ ග්‍රැෆර් ඊට වඩා බයයි නේ.දුවන ගමන්ද කොහෙද අරන් තියෙන්නේ..මේක නම් මම ගත්තේ..
පොදක් වැටුනට වැස්ස පායලා එලියට ගිහින් බැලුවම මම කලින් දවසේ මුණු පොතෙන් ටැග් කරපු ෆොටෝ එක පියවි ඇස් දෙකෙන්ම දැක්කා,කට්ටිය නෝන්ඩි කරනව එකසිය ගානට.ඉතින් මම අම්බුළුවාව කියලනේ බොලවූ දැම්මේ.මම ගොවිජන චයිත්ය කියල දාලාද බලවු :D :Dකොහොම හරි කට්ටිය ඒකට නමකුත් දාලා "රුෂ්බුළුවාව"ඕකේ ඕකේ මොකටද රණ්ඩු වෙලා රිස්ක් එකක් ගන්නේ :D
හ්ම් ...දැන් තමා මාරයාගේ හෝරාව.ගොවිජන චයිත්ය නැඟීම.පළවෙනි රවුම් දෙක තුන ඇතුළු පැත්තෙන් යන්න පුළුවන් වුනාට ඊළඟට යන්න ඕනේ එළියෙන්(ඇතුලෙන් යනවට වඩා ලේසියි ඒක ),මොකද මේක හරියට අයිස් ක්‍රීම් කෝන් එකක් වගේ..ඇත්තමයි මගෙ නම් දෙලොව රත් වෙලයි හිටියේ.යාළුවොන්ට මම විහිලු කර කර නැග්ගේ තිබුණ මර බයට.තැන් තැන් වලින් පොඩි ඉඩක රිංගගෙන තමා උඩට නැග්ගෙත්.ජය කනුව පෙනේද්දීම උඩ හිටපු කට්ටියක් පහලට එනවා.පලයන්කෝ දැන් රිවස්..
පඩි පෙළවල් තිබුනට ඇතුලට වෙන්න පොඩි ගුහා තියනවා,ඉතින් මායි අනිත් යාළුවො දෙන්නයි රිංගුවා අර පොඩි ගුහාවට,මම නම් හිතුවේ එලියට එන්න බැරි වෙයි කියලමයි..මට ජර්මනියේ පතල් ඇතුලේ හිර වෙලා මැරෙන මිනිස්සු පවා මතක් වුනා...මැරෙන්නත් වෙලාව එන්න ඕනෙනේ තාම ඒ වෙලාව නෑ වගේ.ෆු ..යන්තම් එලියට ආවා.ටිකක් දුර ගාටද්දී ඔන්න අපේ එකෙක් ගුහාවක ඉඳන් ඇඟට පැන්නනේ.කැමරාවේ කෝර්ඩ් එක දාගෙන හිටිය නිසා ඒක බේරුනා කිව්වොත් ඉතිරිය හිතාගන්න පුලුවන්ද??මෙතරම් ත්‍රාසජනක මොහොතෙත් ජායාරූපකරණය නම් වැරද්දුවේ නෑ අපි නම් .පහල බලන්න බැරි උනත් ආයාසයෙන් මුළු ගම්පොළම බලා ගත්තා කියන්න පුළුවන්.එතනත් පොඩි නෝන්ඩියක් වුනානේ කවුදෝ නුවර කියල හිතලා මොකක්ද දොඩවන්න ගිහින්.මේකත් ඉතින් රාජධානියක්නේ ඉස්සර..දැන් නම් කොන්ක්‍රීට් රාජධානියක් වෙලා බැලූ බැල්මට.ඒත් ඈතින් ගලා යන මහවැලියත්,දුම් දමමින් ඇදෙන යකඩ යකාත්,මේ දකින නැවුම් පරිසරයත් එකී අවලස්සන වී ඇති කාන්තාව හැඩ කරන පියරු බෝතලයක් වෙලා කියලයි මට හිතුනේ..
පඩි පෙළවල් තිබුනට ඇතුලට වෙන්න පොඩි ගුහා තියනවා,ඉතින් මායි අනිත් යාළුවො දෙන්නයි රිංගුවා අර පොඩි ගුහාවට,මම නම් හිතුවේ එලියට එන්න බැරි වෙයි කියලමයි..මට ජර්මනියේ පතල් ඇතුලේ හිර වෙලා මැරෙන මිනිස්සු පවා මතක් වුනා...මැරෙන්නත් වෙලාව එන්න ඕනෙනේ තාම ඒ වෙලාව නෑ වගේ.ෆු ..යන්තම් එලියට ආවා.ටිකක් දුර ගාටද්දී ඔන්න අපේ එකෙක් ගුහාවක ඉඳන් ඇඟට පැන්නනේ.කැමරාවේ කෝර්ඩ් එක දාගෙන හිටිය නිසා ඒක බේරුනා කිව්වොත් ඉතිරිය හිතාගන්න පුලුවන්ද??මෙතරම් ත්‍රාසජනක මොහොතෙත් ජායාරූපකරණය නම් වැරද්දුවේ නෑ අපි නම් .පහල බලන්න බැරි උනත් ආයාසයෙන් මුළු ගම්පොළම බලා ගත්තා කියන්න පුළුවන්.එතනත් පොඩි නෝන්ඩියක් වුනානේ කවුදෝ නුවර කියල හිතලා මොකක්ද දොඩවන්න ගිහින්.මේකත් ඉතින් රාජධානියක්නේ ඉස්සර..දැන් නම් කොන්ක්‍රීට් රාජධානියක් වෙලා බැලූ බැල්මට.ඒත් ඈතින් ගලා යන මහවැලියත්,දුම් දමමින් ඇදෙන යකඩ යකාත්,මේ දකින නැවුම් පරිසරයත් එකී අවලස්සන වී ඇති කාන්තාව හැඩ කරන පියරු බෝතලයක් වෙලා කියලයි මට හිතුනේ..
එකී මෙකී සුන්දරත්වයන් භයංකර සිතුවිල්ලකින් වසාගෙන හිමින් සීරුවේ කට්ටියම පහලට ඇදුනා..වෙලාවත් හොඳටම ගිහින් තිබුණ නිසා වැඩි වෙලා කරන්නෙ නැතුව ඒ අපුර්වත්වයට සමු දී කිලෝ මීටර දෙක එන්නට ආගමනේ කුරුඳු කෝටු අපෙ පොඩි බඩගින්නට පිහිට වුනා.දැක්කොත් දඩේ තිස් දාහයි බොලවූ.කට්ටියම මඟ මඟ නවතින්නේ කකුල් කැක්කුම් ඉහිළුම් නොදෙනා වෙලාවල් වල .
කාලා බීලා ගෙදර ඉන්න බැරුවට අපිත් යන ගමන් :) :)
කාලා බීලා ගෙදර ඉන්න බැරුවට අපිත් යන ගමන් :) :)
සපත්තු දෙක අතට අරං නොන්ඩි ගගහයි මම පහලට බැස්සේ.මේ අතරේ අපේ මල්ලිලා නමැති බක පණ්ඩිතයන් ෂෝර්ට් කට් හොයාගෙනය.ෂෝර්ට් බව මට නම් දැනුනේ මඟක් ආවට පස්සේය,එච්චර බෑවුම.පසු බහින්නත් බෑනේ ෆියුචර් ලීඩර් කිය කිය චාටර් කරනවනේ..ඉතින් ඉස්සල්ලම බෑවුම බහින්න ගියෙත් මං.මඩ ගාගෙන කට්ටිය සපෝර්ට් දුන්නට මගේ අදහස වුනේම පුරුදු පාරේ ආවානම් දෙපාරක් එන්නට තිබුනා කියලයි.
"අච්චර රිස්ක් එකක් අරන් මෙතනින් වැටුනොත් මැරෙන්න වෙන්නේ බෙල්ල කැඩිලා නෙමේ ලැජ්ජාව උහුලන්න බැරුව"
බැස්සට පස්සේ ඒ කතාවත් කියවුනේ මේ මගේ කටින්.
තවත් ෂෝර්ට් කට් තිබුනත් අපි හතර දෙනෙක් ආවේ පාරේ..අයියෝ පේන විදිහට ඒ ෂෝර්ට් කට් එක පඩි පෙළක් වගේනේ.දැන්නම් වහ කෑවත් මට මදිය :(ගේට්ටුව ලං වෙද්දීම සපත්තුව දාගන්න කිව්වෙත් යාළුවෙක්,එතකල් එය මා දෑතේ..ගම්පොළට යන බස් එක එනකං කඩ මන්ඩියේ ඇති සුකුරුත්තන් බල බල ඉන්න අතර එක එකා පෙන්වන්නේ වතුර විදින තුවක්කුය නැත්තං යෝයෝය..හික්ස් හෙට අනිද්දා දෙමාපියෝ වෙන්න ඉන්න එවුන් නේද මේ?මම නම් කමක් නෑ :) (කහිමින්)..බස් එකක් පේන තෙක් නැති නිසා කතා කලා ත්‍රීවිල් තුනකට..ගම්පොටළ ලංවෙද්දි අනිත් ත්‍රිවිලර් කොහෙද කියා නැත.ඒ අස්සේ ගම්පොල හෙම්මාතගම බස් එකත් ගියේ අපිවත් ඉස්සර කරගෙන.අයියෝ සල්ලි..හවස පහ හමාරත් ඉගිල ගොස් තිබුනේ මේ අතරමයි.ඇමතුම් වාර තුන හතරක ප්‍රතිපලයක් විදිහට එකොළොස් දෙනා එකතු කරගෙන නුවර බස් එකකට නගිනකොට හවස හයට කිට්ටු වෙලා...කිව්වට විස්වාසද ටිකට් ගන්නත් ඉස්සර අපේ වුන් ගත්තේ ක්‍රිස්කෝ පෙට්ටියක්..අපි කෑමටම උපන්නෙමු..
ගැස්ට්‍රයිටිස් හදාගෙන අපි ඇයි රිස්ක් එකක් ගන්නේ ??????????
ට්‍රැෆික් දාහක් මැද නුවරට එද්දී හවස හතටද කිට්ටු වී ඇති නිසා බස් එකක් හොයාගත්තේ අමාරුවෙන් නම් නෙමේ.ඒවෙලාවට ඇති බස් එක තාමත් හෝල්ට් එකේ.මේ අතර අපේ ඇතැම් සගයන් නම් නික්ම ගියා.අපේ පැත්තේ බස් එකට දෙයියෝ බැලුවා සේ අපේ වුන් සියල්ලන්ටම ෂීට් නම් තිබුණා.නැත්තන් වෙන්නේ දෙපාරක් නොසිතාම කකුල් කපා දාන්න.ඒවා එතරම් රිදුම් දෙනවා.කට්ටිය නම් කිව්වේ කකුල් වයිබ්‍රෙට් වෙනවා කියල..බයිලා යන්ත්‍රය ක්‍රියාත්මක වුනත් මට නම් මතක ටිකට් ගත්තා විතරයි.නින්ද මා බොහෝ දුර ගෙන ගිහින්.ඇයි නැගිටලා රිස්ක් එකක් ගන්නේ???????? හික්ස්:D
නවය පහුවෙලා ගෙදරට ආවට පස්සේ පතා සිටි අයුරින්ම බැනුම් කෝටියක ගිලෙමින්ම ඇඳට පැන්නා.
උත්තර බඳින්න ගිහින් :
උත්තර බඳින්න ගිහින් :
ඇයි මම රිස්ක් එකක් ගන්නේ :D